කොකා කෝලා රහස් වට්ටෝරු සුරක්ෂිතාගරය - විස්මලන්තය

Saturday, January 19, 2019

කොකා කෝලා රහස් වට්ටෝරු සුරක්ෂිතාගරය

සුප්‍රකට ෆොර්බ්ස් සගරාවට අනුව ලෝකයේ ඉහළම වටිනාකමෙන් යුත් සන්නම් නාම අතුරින් හතර වැනි ස්ථානයේ (ඇ.ඩෝ. බිලියන 56) වැජබෙන්නේ සුප්‍රසිද්ධ කොකා කෝලා සමාගමයි.1886 වර්ෂයේදී ඖෂධ වේදියෙකු වූ ජෝන් එස් කොකාකෝලා රහස් වට්ටෝරුව නිර්මාණය කරන ලදී.. අද එය ලොව වඩාත් රහසිගතම වෙළද රහස් අතරින් එකක් ලෙස හඳුන්වනවා.. එම රහසිගත වට්ටෝරුව වෙන කෙනෙකු අතට පත් වනවා දැකීමට ඔහු කැමති වුණේ නැහැ.. එම නිසා එය කොළයක ලිවීම පවා ඔහු ප්‍රතික්ෂේප කරා.. ඔහු එම රහස් වට්ටෝරු පිළිබඳව පැවසුවේ ඔහුගේ සමීපතම කිහිප දෙනකුට පමණයි.. 1919 වර්ෂයේ දී එම සමාගමට බැංකු ණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා කොකාකෝලා රහසිගත වට්ටෝරුව කොලේක ලියා බැංකු ණය සඳහා ඇපයක් ලෙස ඉදිරිපත් කරා.. ණය මුදල පියවන තෙක් එම කොළය නිව්යෝර්ක් වල සුරක්ෂිතාගාරයක ආරක්ෂා කර තැබුවා.. 2011 වර්ෂයේදී කොකා කෝලා සමාගම වසර 125ක් පමණ පැරනි එම  රහසිගත වට්ටෝරුව සක්‍රස් බැංකුවෙහි සේප්පුවෙන් ලබාගැනීමෙන් පසු ඇත්ලන්ටා වල පිහිටි කොකා කෝලා කෞතුකාගාරයේ සුරක්ෂිතාගාරයෙහි තැන්පත් කරන ලදී.. ඔබට එම කෞතුකාගාරය නැරඹීමට යාමට හැකියාව තිබෙනවා..



නමුත් 2011 වර්ෂයේ සිට අවුරුදු 125 පැරණි ඒ රහස් වට්ටෝරුව ඇට්ලන්ටාහි World of Coca-Cola කෞතුකාගාරයේ සුරක්ෂිතාගරයක් (Vault) තුල තැම්පත් කිරිම‌ේ අනතුරුව මහජනයාට එම සුරක්ෂිතාගරයේ යම් කොටසක් නැරඹීමට අවසර තිබුනත් රහස් වට්ටෝරුව සහිත ප්‍රදේශයට ඇතුළු වීමට අවසර නැත.මෙය සැලකෙන්නේ ලෝකයේ වඩාත්ම ආරක්‍ෂිත සුරක්ෂිතාගරයක් ලෙසය.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Pages