ඇමෙරිකාවේ ධවල මන්දිරයේ හොල්මන් අවතාර - විස්මලන්තය

Tuesday, January 15, 2019

ඇමෙරිකාවේ ධවල මන්දිරයේ හොල්මන් අවතාර

   

ඇමෙරිකානු ජනාධිපති නිල නිවෙස වන ධවල මන්දිරය ද හොල්මන් කිහිපයකගේ ම ස්ථිර වාසස්ථානය බව යි ඇමෙරිකානුවන්ගේ විශ්වාසය වන්නේ. හොල්මන්ට ඉන්න ගොඩනැගිල්ලක් විදිහට ධවල මන්දිරය ටිකක් අලුත් වැඩි වගේ උනත් එහි පළමු හොල්මන් දර්ශනයවීම සිදුවෙලා තියෙන්නේ  1797 දී ය. 

1.ධවල මන්දිරයේ  කාන්තාව

දෙවන ඇමෙරිකානු ජනාධිපති ජෝන් ඇඩම්ස් ධවල මන්දිරයේ පදිංචියට පැමිණියේ ජනාධිපතිවරණය දිනීමෙන් පසු, බිරිඳ ඇබිගේල් සමගිනි.ඔවුන් පදිංචිව හිටපු අවුරුදු 4දී (1797-1801) ජනාධිපති ආර්යාව රෙදි සෝදන හා විලන කාමරයේ (නව  ධවල මන්දිරයේ නැගෙනහිර කාමරය) බොහෝවරක් දැකපු අමුතු කාන්තාවක් ගැන කියල තියෙනවා. මේ කාන්තාව ධවල මන්දිරයේ සේවිකාවක් හෝ වෙනත් අයෙකු නොවෙයි, හිස් වැස්මක් සහ ලේස් සළුවක් පැළඳ සිටි මේ ගැහැණු කෙනා යම් කෙනෙකුව වැළඳ ගැනීමට වගේ දෑත විහිදාගෙන ඉන්නවා තමයි දැකල තියෙන්නේ.

 2.ධවල මන්දිරය භූමියේ මුල් අයිතිකරු ඩේවිඩ් බර්න්ස්

තවත් භූතයෙක් තමා ප්‍රසිද්ධ ඉඩම්හිමියෙකු වුනු ඩේවිඩ් බර්න්ස්. ඔහු ධවල මන්දිරය තිබෙන බිම්කොටස හා වර්තමාන වොෂින්ටනයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක මුල් අයිතිකරු. තම නම කියමින් කෑගසන මොහුගේ කටහඬ Yellow oval room එක අසල ඇසී තියෙනව.

 3.ජනාධිපති  ඇන්ඩෲ ජැක්සන්

ධවල මන්දිරේ වැඩියෙන්ම  හොල්මන් පරිගෘහිත කාමරය වෙන්නේ ඇමෙරිකාවේ හත්වන ජනාධිපති  ඇන්ඩෲ ජැක්සන් කලින් පාවිච්චි කරපු Rose room එක. ඇන්ඩෲ ජැක්සන් කතාකරනවා ඇහිලා තියෙන්නේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා ගේ බිරිඳ මේරි ටොඩ් ට. මේ වැඩේ ගැන බොහොම උනන්දුවක් ඇතිකරගෙන තියෙනවා ඇය. තම මියගිය පුතුන් එක්ක කතා කරන්න séances හෙවත් මළගිය ආත්ම ගෙන්වන අවස්ථාවලදී ළමයි වෙනුවට මේ හිටපු ජනාධිපතිගෙන් කලහකාරී පණිවිඩ ලැබුණු බව ඇය සඳහන් කර තියෙනවා.    
3.ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්
 
අපි කවුරුත් අහල තියෙන ජනහිතකාමී ඇමරිකාවේ 16 වන ජනාධිපති   ඒබ්‍රහම් ලින්කන් ගේ අවතරයත් ධවල මන්දිරේ සැරිසරනවලු. ධවල මන්දිරයේ හොල්මන් අතර වඩාත් ජනප්‍රිය හොල්මන ලෙස සැලකෙන්නේ 1865 අප්‍රේල් මාසයේ දී මිනීමරු ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකට ගොදුරු වී මිය ගිය ඇමෙරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය යි. 
ඉලිනෝයි හි නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ හොල්මන, ධවල මන්දිරයේ පමණක් නොව ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි ඔහුගේ පැරණි කාර්යාලයේ ද සැරිසරන බව යි සඳහන් වන්නේ. ධවල මන්දිරයට පැමිණි බොහෝමයක් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන දැක ඇති අතර 20 වැනි සියවසේ ඇමෙරිකාව මුහුණ දුන් මහා අවපාතයේ දී එවකට ජනාධිපති වූ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ට පාලන කටයුතු මෙහෙය වීම සඳහා ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන උපකාරී වී ඇති බව වාර්තා වෙනවා.
ඇමරිකාවේ 30 වන ජනාධිපති ජෝන් කැල්වින් කූලිජ් ගේ බිරිඳ ග්‍රේස් ඔහුගේ අවතාරය දැකපු මුල්ම අයගෙන් එක්කෙනෙක්. ලින්කන් වයිට් හවුසිය ඉස්සරහ මුලින් යුදපිටි වෙලා තිබුණු භූමි දිහා ඔහේ බලාගෙන සිටිනවා කීපවරක් ම දැක්ක බව ඈ සඳහන් කර තියෙනව. එලීනර් රූස්වෙල්ට් ජනාධිපති ආර්යාවත් රාත්‍රී කාලේ ලින්කන් නිදන කාමරේ ඔහු සිටිනවා දැක තිබෙනවා. වින්ස්ටන් චර්චිල් නානකාමරේ සිට එනවිට ලින්කන් ගේ අවතාරය ගිනි උදුනක් ලඟින් මතුවෙනවා දුටු බව සඳහන්. මහා රෑ නිදන කාමරේ දොරට තට්ටු කරන්නේ කවුදැයි බලන්න ගිය නෙදර්ලන්තයේ විල්හෙල්මිනා රැජින යටිගිරියෙන් කෑගහමින් සිහි නැතිවෙන්නේ එතන සිටගෙන ඉන්නේ ෆුල් කිට් (ටොප් හැට් එකත් එක්කම) එකෙන් සැරසුණු මියගිය ජනපති ලින්කන් බව දැකීමෙන් මහ රාත්‍රීයේ තම කාර්යාල කාමරේ ඉදන් සන්සුන්ව වැඩකරන මොහුගේ රූපය තවත් බොහෝදෙනෙක් දැක තියෙනවා
.නොසිතපු වෙලාවක වෙඩිතබා මරා දැමුණු නිසා ලින්කන් ගේ ආත්මය තවමත් මේ ලෝකය සමග බැඳීම අතහැර ගන්න බැරිව නිවස තුල සැරිසරනවා වෙන්න ඇති කියලයි මේ අය කියන්නේ.

 

                        

1 comment:

  1. Best slots at casino site - Lucky Club
    Lucky Club Casino. Live casino for real money with no deposit, without risk! Play the most exciting slots and games for free or for real money  Rating: 5 luckyclub.live · ‎Review by LuckyClub.live · ‎Price range: ₹10,000

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

Pages