ලොව බලවත් ම රට පාලනය කළ ජනාධිපතිවරු - විස්මලන්තය

Thursday, January 24, 2019

ලොව බලවත් ම රට පාලනය කළ ජනාධිපතිවරු

අැමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු එක්සත් ජනපද රාජ්‍ය නායකයා සහ එහි ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රධානියා වෙයි. විධායක ශාඛාවෙහි ප්‍රධානියා සහ සමස්තයක් ලෙසින් ෆෙඩරල් රජයේ ප්‍රධානියා ලෙසින්, ජනාධිපති ධූරය යනු බලපුළුවන්කම හා පිළිගැනුම අතින් එක්සත් ජනපදයෙහි උසස්තම දේශපාලන තනතුර වෙයි. සිව්-වසරක ධූර කාලසීමාවකට මැතිවරණමය පර්ෂදයක් මගින් (හෝ එක් පුද්ගලයෙකුට ඡන්ද අතුරින් පරම බහුතරයක් ලබා දීමට මැතිවරණ පර්ෂදය අසමත්වූ අවස්ථාවකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්) වක්‍රාකාර ලෙසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ. 1951දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-දෙවන සංශෝධනය අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙක් ජනාධිපති වශයෙන් දෙවතාවකට වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැකි අතර, වෙන යම් අයෙකු තේරී පත්වූ ධූර කාලයක වැඩ බැලීම වසර දෙකකට වඩා වැඩි කාලයක් සිදු කල පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැක. ජනාධිපතිවරයා මියයෑම, ඉල්ලා අස් වීම හෝ, තනතුරෙන් බැහැර කිරීම යන අවස්ථා වලදී, උප ජනාධිපතිවරයා තනතුරට පත් වෙයි. ජනාධිපතිවරයා අඩුම වශයෙන් වසර 35 ක වයසින් යුතු විය යුතු අතර එක්සත් ජනපදයෙහි "උපතින්ම රටවැසිභාවය" ලැබූවකු විය යුතුයි.

1789 මාර්තු 4 වන දින බලාත්මකවූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කිරීමෙන් පසුව, ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පුද්ගලයන් 44දෙනෙකු සිටි අතර, ජනාධිපති ධූර 44 ක් තිබුණේ, ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් විසින් අනුගාමී-නොවන ධූර වාර දෙකක් හෙබවූ බැවින් 22වන හා 24වන ජනාධිපති ලෙසින් කාලානුරූපව සැලකෙන බැවිනි. ජනාධිපති වශයෙන් තේරී පත්වූ පුද්ගලයන් අතුරින්, සතරදෙනෙකු ධුරය හොබවද්දී ස්වභාවික හේතු නිසාවෙන් මිය ගිය අතර (විලියම් හෙන්රි හැරිසන්, සැකරි ටේලර්, වොරන් ජී. හාඩිං,සහ ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්), සතරදෙනෙක් ඝාතනය කෙරුණු අතර (ඒබ්‍රහැම් ලින්කන්, ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැක්කින්ලි,සහ ජෝන් එෆ්. කෙනඩි) එක් අයෙකු ඉල්ලා අස්විය (රිචඩ් නික්සන්).

 
මැතිවරණමය පර්ෂදයෙහි ඒකඡන්ද අනුමැතිය අනුව, ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 1789 දී ධූර සම්ප්‍රාප්තක විය. විලියම් හෙන්රි හැරිසන් 1841දී කෙටිම ධූර කාලයවූ දින 32 ක් හෙබවූ අතර, ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් වසර දොළොසකට වඩා වැඩිවූ දීර්ඝතම ධූර කාලය හෙබවූ මුත් 1945දී ඔහුගේ සතරවන ධූර කාලය ඇරඹී කෙටි කලකින් මිය ගියේය. ධූර වාර දෙකකට වඩා සේවය කල එකම ජනාධිපතිවරයා වූයේ ඔහු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගනු ලැබුවේ මෙය නැවත සිදු වීම වලක්වා ලීම සඳහාය. ඉඩම්-හිමි-නොවන්නන් ඡන්දය දීමෙන් වලකන බොහෝ නීති 1828 දී අවලංගු කිරීමෙන් පසුව සියළු පංති වල පුරුෂයන් විසින් තෝරා පත් කර ගන්නා ලද පළමුවැන්නා, සත්වන ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විය. 1920දී කාන්තාවන් ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම් ලැබීමෙන් පසු තේරී පත්වූ පළමු වැන්නා වොරන් හාඩිං විය. සිවිල් අයිතිවාසිකම් යුග ප්‍රතිසංසකරණ තුලින් සුළුතර ඡන්ද මර්දනය කල නීති ඉවත් කිරීමෙන් පසුව 1964දී තේරී පත්වූ පළමුවැන්නා ලින්ඩන් ජොන්සන් විය. ජනවරම නොලැබුනද මැතිවරණමය පර්ෂදය තුල ලද ජයග්‍රහණය නිසා පදවි ප්‍රාප්ත වූ ජනාධිපතිවරුන් සතරදෙනෙක් - ජෝන් කිවු. ඇඩම්ස්, රදර්ෆර්ඩ් බී. හේස්, බෙන්ජමින් හැරිසන් සහ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් - පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙයි. රෝමානු කතෝලික ලම්ධිකයෙක්වූ එකම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩි වූ අතර, ජනාධිපති, බැරක් ඔබාමා, අප්‍රිකානු ඇ‌මරිකානුවකු වන පළමු ජනාධිපති වෙයි.

ඇමරිකානු දේශපාලනය තුළ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසින් පත් වූයේ ජෝර්ඡ් වොෂිංටන්ය. වර්ජිනියා ප්‍රාන්තයේ පළමු අණ දෙන්නා ලෙස කටයුතු කරන ලද ජෝර්ඡ් වොෂිංටන් ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේය. 1758 දි ඔහු විලියම්ස්‌බරි වෙත ගිය වැන්දඹු බිරිඳක වූ මාර්තාගේ නිවසේ නවාතැන් ගත්තේය. මෙසේ ඇති වුණ හැඳුනුම්කම නිසා මාර්තා නිරන්තරව ධවල මන්දිරයට යැමට ඒමට පටන් ගත් අතර එය අවසාන වූයේ ජෝර්ඡ් වොෂිංටන් සහ මාර්තා අතර වූ විවාහයෙන්ය. එයින් පසු ජෝර්ඡ් වොංෂිටන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ ආණ්‌ඩුකාර ෆෙයාර්ෆෙෆැක්‌ස්‌ සාමිවරයාගේ දියණිය වූ සැලි සමඟ පෙම් සම්බන්ධතාවයක්‌ ඇති කර ගත් නමුදු මෙය ඉතා රහසිගත ලෙසින් පවත්වා ගෙන ගියේය.මේ ගැන තොරතුරු පැතිරෙත්ම සැලි ෆෙයාර්ෆෙෆැක්‌ස්‌ගෙන් දුරස්‌ථවුණත් මට ජාතිය ගොඩ නගන්නට අවශ්‍ය ශක්‌තිය ලැබුනේ සැලිගෙන් යෑයි ජෝර්ඡ් වොෂිංටන් ජනාධිපතිවරයා සටහන් කර ඇත.

1789 වසරේ වොෂිංටන්ගේ පදවි ප්‍රාප්තියෙන් පසුව ජනාධිපති තනතුර ලබා ගත්තේ විලියම් හෙන්රි හැරිසන්ය. 1828 වසරේ ඉඩම් හිමි පුරුෂයන් නොවන අයගේ ඡන්ද ලබාගැනීමට පැවැති තහංචිය ඉවත් විය. මේ නිසා සියළු පුද්ගලයන්ගේ ඡන්ද සමාන වටිනාකමකින් ඇගයීමට පත් අතර සියළු පංතිවල පුරුෂයන්ගේ ඡන්දවලින් තෝරා ගත් ජනාධිපතිවරයා වූයේ ඇන්ඩෘ ජැක්‌සන්ය. ඔහු ඇමරිකා එක්‌සත් ජනපදයේ හත්වැනි ජනාධිපතිවරයා විය.

1841 වසරේ ජනාධිපති ලෙසින් තේරීපත් ඔහු සිය ධූරය දරන ලද්දේ දින 32 ක්‌ වැනි කෙටි කාලයක්‌ පමණි. තෝමස්‌ ජෆෙර්සන් යන ජනාධිපතිවරු එම තනතුරට පත් වීම දෙවතාවකට සීමා කිරීම පිලිබඳව ස්‌වයං වාරණ පනවා ගත්හ. මේ නිසාම ඔවුන් නැවත ජනාධිපතිවරණයක්‌ වෙනුවෙන් ඉල්ලුම් කළේ නැත. ඇමරිකාවේ තුන් වැනි ජනාධිපතිවරයා වුයේ තෝමස්‌ ජෆෙර්සන්ය. 1782 වසරේදි ඔහුගේ බිරිඳ මිය ගියෙන් එවකට ජනාධිපතිව සිටි ජෝර්ඡ් වොෂිංටන් විසින් ජෆෙර්සන් ප්‍රංශයට පිටත් කර යවන ලදි. ඇමරිකානු තානාපති ලෙසින් ප්‍රංශයට පත්ව යන ගමනේදී සැලි සෙමින්ග්ස්‌ද ඔහු කැටුව ගියාය. සැලි සෙමින්ග්ස්‌ වහල් යුවතියක්‌ වුයෙන් ජෆෙර්සන් පැරිසියේදි ඉංගි්‍රසි ජාතික කාන්තාවක වූ මාරියා කොස්‌වේ සමග අනියම් සම්බන්ධතාවයක්‌ ඇති කර ගත්තාය. නැවත ඇමරිකාවට පැමිණ ජනාධිපතිවරණයේදී අපේක්‌ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වුණ ජෆෙර්සන් එයින් ජයග්‍රහණය ලැබුවේය. මේ වෙනුවෙන් මාර්තා තමාට විශාල ශක්‌තියක්‌ ලබා දුන් බව ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද "මාර්තාට ලියන ලද පෙම් ලිපි විසිපහක්‌" යන ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

එහෙත් ඇමරිකා එක්‌සත් ජනපද ව්‍යවස්‌ථාවේ ඇති හිදැසෙන් ප්‍රයෝජනගත් ඇතැම් පුද්ගලයන් තුන්වැනි වතාවක්‌ වෙනුවෙන් ඉල්ලුම් කළත් තුන්වැනි වතාවේ ජයග්‍රහණය ලබන්නට ඔවුන් අපොහොසත් වූහ. දෙවතාවකට වඩා ජනාධිපති ධුරය වෙනුවෙන් සුදුසුකම් ලද එකම පුද්ගලයා වූයේ ප්‍රෑන්ක්‌ලින් රූස්‌වෙල්ට්‌ය. හතර වතාවක්‌ ජනාධිපති ලෙසින් පිදුම් ලද ඔහු සිව්වන ධුර කාලයේදී අභාවයට පත් විය. රූස්‌වෙල්ට්‌ ප්‍රථමයෙන් ඇමරිකාවේ ජනාධිපති ලෙසින් තේරී පත් වූයේ 1932 වසරේදීය. එයින් පසු 1936, 1940, සහ 1944 යන වර්ෂයන්හිදිත් ඔහු ජනාධිපති ලෙසින් තේරී පත් වීම ඇමරිකා එක්‌සත් ජනපද දේශපාලනයේ සුවිශේෂී අවස්‌ථාවක්‌ ලෙස සැලකේ. 1940 සහ 1944 අතර කාලයේදී රූස්‌වෙල්ට්‌ගේ වෙනසක්‌ නොවන්නට බලපාන ලද විශේෂ හේතුව වූයේ දෙවැනි ලෝක යුද්ධ කාලයේදී ඇමරිකා එක්‌සත් ජනපදය තම ප්‍රථම පුරවැසියා වෙනස්‌ කිරීමට නොකැමැති වීමයි. බලයේ සිටියදීම රූස්‌වෙල්ට්‌ අභාවප්‍රාප්ත වූයෙන් අනතුරුව ඇමරිකාව ඔවුන්ගේ ව්‍යවස්‌ථාව වෙනසක්‌ කිරීමට යොමු විය. 1947 වසරේදී ගෙනෙන ලද මෙම සංශෝධිත කෙටුම්පත 1951 වසරේදී එරට කථානායක වරයාගේ අත්සනින් පසුව නීතියක්‌ බවට පත් වූ අතර අද දක්‌වා ඇමරිකාවේ ක්‍රියාත්මක වන්නේ එම නීතියයි.

ඒ අනුව ඇමරිකා එක්‌සත් ජනපදයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 22 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ උපරිම ධුර කාලය වසර හතර බැගින් අවස්‌ථා දෙකකට සීමා කරන ලදී. මෙම 22 වැනි සංශෝධනය අහෝසි කිරීමට කොන්ග්‍රස්‌ සභිකයන් විසින් කෙටුම්පත් ඉදිරිපත් කළත් බලයේ සිටි කිසිදු ජනාධිපතිවරයෙක්‌ ඒ වෙනුවෙන් අනුග්‍රහයක්‌ දැක්‌වූයේ නැත. එහෙත් කොන්ග්‍රස්‌ සභිකයන් විසින් මෙම කෙටුම්පත් පිලිබඳ තර්කගොඩ නගමින් සඳහන් කළ කරුණු කීපයක්‌ විය. බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ බලයට පත්වීමේ අවස්‌ථාව වාර දෙකකට සීමා කරද්දී ඒ වෙනුවෙන් විපක්‌ෂව පහත සඳහන් තර්ක ඉදිරිපත් කර ඇත.

Ö ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්‌ෂිත බව

Ö ඇමරිකානු නායකයා තෝරා ගැනීමේ අවස්‌ථා බහුල වීම.

Ö ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රථම පුරවැසියා ලෙසින් කිහිප වතාවක්‌ පත් වීම නිසා ඇති වෙන රාජකීය අභිමානය නිසා ඔහු ඒකාධිපතිවරයෙක්‌ ලෙසින් කටයුතු කිරීමෙන් මඟහැරීම.

කෙසේ හෝ වේවා ඇමරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපතිවරයා වාර දෙක ගෙවුන තැන ධවල මන්දිරය හැර යා යුතුය. 1920 වසරේ ඇමරිකාවේ කාන්තාවන් වෙනුවෙන් ඡන්දය ලබා දීමේ අයිතිය ලැබුණ අතර සර්ව ජන ඡන්දයෙන් තේරී පත් පළමුවැන්නා වූයේ වොරන් හාඩිය. ඇමරිකාවේ විසිනවවැනි ජනාධිපති තනතුර දැරූ වොරන්ට්‌ ඡේහාන් සිය බිරින්දෑට දැක්‌වුයේ පුදුමාකාර බියකි. දකින්නන් එසේ සිතුවද එහි අභ්‍යන්තරයෙහි වූයේ අපුරු රහසකි. වොරන්ට්‌ ඡේහාන් නෑන් බ්‍රිටන් නැමැති කාන්තාවක සමඟ අනියම් පෙමින් බැඳිs සිටියේය. මේ නිසා ඔහුට සිය විවාහක බිරිඳගේ පැමිණීම ගැන චකිතයක්‌ දැනුනේ යම් හෙයකින් ඇයට මෙම පැටලවිල්ල දැන ගැනීමෙන් සිදු වෙන සිදුවිම පිලිබඳව සිතුවමක්‌ මවා ගැනිමට තිබුන හැකියාව නිසාය.නෑන් බාල කාලයේ පටන්ම වොරන්ට්‌ ඡේහාන් ගැන සිහින මවන ලදී. මේ අතර වොරන්ට්‌ නෑන් බ්‍රිටන්ගේ අසල්වැසි කාන්තාවක සමගත් පෙම් හබයක මැදිව සිටියේය.

පක්ෂ
      පක්ෂයක් නොමැති        ෆෙඩරලිස්ට්        ඩිමොක්‍රටික්-රිපබ්ලිකන්        ඩිමොක්‍රටික්        විග්        රිපබ්ලිකන්
අංකය.
[n 1]
ජනාධිපති ධූරන්දුර වූයේ ධූරය හැරියේ පක්ෂය ධූර වතාව
[n 1]
උප ජනාධිපති
1 Gilbert Stuart, George Washington (Lansdowne portrait, 1796).jpg ජෝර්ජ් වොෂිංටන්
(1732–1799)
[11][12][13]
අප්‍රේල් 30, 1789 මාර්තු 4, 1797 පක්ෂයක් නැත 1 (1789)   ජෝන් ඇඩම්ස්
2 (1792)
2 Adamstrumbull.jpg ජෝන් ඇඩම්ස්
(1735–1826)
[14][15][16]
මාර්තු 4, 1797 මාර්තු 4, 1801 ෆෙඩරලිස්ට් 3 (1796) තෝමස් ජෙෆර්සන්
3 Thomas Jefferson by Rembrandt Peale, 1800.jpg තෝමස් ජෙෆර්සන්
(1743–1826)
[17][18][19]
මාර්තු 4, 1801 මාර්තු 4, 1809 ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
4 (1800) එරන් බර්
5 (1804) ජෝර්ජ් ක්ලින්ටන්
4 James Madison.jpg ජේම්ස් මැඩිසන්
(1751–1836)
[20][21][22]
මාර්තු 4, 1809 මාර්තු 4, 1817 ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
6 (1808) ජෝර්ජ් ක්ලින්ටන්[n 2]
මාර්තු 4, 1809 – අප්‍රේල් 20, 1812
පුරප්පාඩු[n 3]
අප්‍රේල් 20, 1812 – මාර්තු 4, 1813
7 (1812) එල්බ්‍රිජ් ජෙරී[n 2]
මාර්තු 4, 1813 – නොවැම්බර් 23, 1814
පුරප්පාඩු[n 3]
නොවැම්බර් 23, 1814 – මාර්තු 4, 1817
5 James Monroe White House portrait 1819.gif ජේම්ස් මොන්රෝ
(1758–1831)
[23][24][25]
මාර්තු 4, 1817 මාර්තු 4, 1825 ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
8 (1816) ඩැනියෙල් ඩී. ටොම්ප්කින්ස්
9 (1820)
6 John Quincy Adams by GPA Healy, 1858.jpg ජෝන් ක්වින්සි ඇඩම්ස්
(1767–1848)
[26][27][28]
මාර්තු 4, 1825 මාර්තු 4, 1829 ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
10 (1824) ජෝන් සී. කැල්හූන්
7 Andrew jackson head.jpg ඇන්ඩෲ ජැක්සන්
(1767–1845)
[29][30][31]
මාර්තු 4, 1829 මාර්තු 4, 1837 ඩිමොක්‍රටික් 11 (1828) ජෝන් සී. කැල්හූන්[n 4]
මාර්තු 4, 1829 – දෙසැම්බර් 28, 1832
‘‘පුරප්පාඩු’’[n 3]
දෙසැම්බර් 28, 1832 – මාර්තු 4, 1833
12 (1832) මාටින් වැන් බියුරන්
8 Martin Van Buren by George PA Healy, 1858.gif මාටින් වැන් බියුරන්
(1782–1862)
[32][33][34]
මාර්තු 4, 1837 මාර්තු 4, 1841 ඩිමොක්‍රටික් 13 (1836) රිචඩ් මෙන්ටෝ ජොන්සන්
9 William Henry Harrison by James Reid Lambdin, 1835.jpg විලියම් හෙන්රි හැරිසන්
(1773–1841)
[35][36][37]
මාර්තු 4, 1841 අප්‍රේල් 4, 1841
[n 2]
විග් 14 (1840) ජෝන් ටයිලර්
10
[n 5]
WHOportTyler.jpg ජෝන් ටයිලර්
(1790–1862)
[38][39][40]
අප්‍රේල් 4, 1841 මාර්තු 4, 1845 විග්
අප්‍රේල් 4, 1841 – සැප්තැම්බර් 13, 1841
’‘පුරප්පාඩු’’[n 3]
පක්ෂයක් නැත[n 6]
සැප්තැම්බර් 13, 1841 – මාර්තු 4, 1845
11 James Knox Polk by GPA Healy, 1858.jpg ජේම්ස් කේ. පෝක්
(1795–1849)
[41][42][43]
මාර්තු 4, 1845 මාර්තු 4, 1849 ඩිමොක්‍රටික් 15 (1844) ජෝර්ජ් එම්. ඩැලස්
12 Zachary Taylor by Joseph Henry Bush, c1848.jpg සැකරි ටේලර්
(1784–1850)
[44][45][46]
මාර්තු 4, 1849 ජූලි 9, 1850
[n 2]
විග් 16 (1848) මිලර්ඩ් ෆිල්මෝ
13 Millard Fillmore by George PA Healy, 1857.jpg මිලර්ඩ් ෆිල්මෝ
(1800–1874)
[47][48][49]
ජූලි 9, 1850 මාර්තු 4, 1853 විග් ‘‘පුරප්පාඩු’’[n 3]
14 Franklin Pierce by GPA Healy, 1858.jpg ෆ්‍රැන්ක්ලින් පියර්ස්
(1804–1869)
[50][51][52]
මාර්තු 4, 1853 මාර්තු 4, 1857 ඩිමොක්‍රටික් 17 (1852) විලියම් ආර්. කිං[n 2]
මාර්තු 4, 1853 – අප්‍රේල් 18, 1853
‘‘පුරප්පාඩු’’[n 3]
අප්‍රේල් 18, 1853 – මාර්තු 4, 1857
15 JamesBuchanan crop.jpg ජේම්ස් බුකැනන්
(1791–1868)
[53][54][55]
මාර්තු 4, 1857 මාර්තු 4, 1861 ඩිමොක්‍රටික් 18 (1856) ජෝන් සී. බ්‍රාකින්රිජ්
16 Lincoln by George H Story c1915.jpg ඒබ්‍රහැම් ලින්කන්
(1809–1865)
[56][57][58]
මාර්තු 4, 1861 අප්‍රේල් 15, 1865
[n 7]
රිපබ්ලිකන් 19 (1860) හැනිබල් හැම්ලින්
රිපබ්ලිකන්
නැෂනල් යූනියන්[n 8]
20 (1864) ඇන්ඩෲ ජොන්සන්
17 Andrew Johnson portrait.jpg ඇන්ඩෲ ජොන්සන්
(1808–1875)
[59][60][61]
අප්‍රේල් 15, 1865 මාර්තු 4, 1869 ඩිමොක්‍රටික්
නැෂනල් යූනියන්;[n 8]
පක්ෂයක් නැත[n 9]
’‘පුරප්පාඩු’’
[n 3]
18 Ulysses S. Grant.jpg යුලිසීස් එස්. ග්‍රාන්ට්
(1822–1885)
[62][63][64]
මාර්තු 4, 1869 මාර්තු 4, 1877 රිපබ්ලිකන් 21 (1868) ස්කයිලර් කොල්ෆැක්ස්
22 (1872) හෙන්රි විල්සන්[n 2]
මාර්තු 4, 1873 – නොවැම්බර් 22, 1875
‘‘පුරප්පාඩු’’[n 3]
නොවැම්බර් 22, 1875 – මාර්තු 4, 1877
19 Daniel Huntington - Rutherford Birchard Hayes - Google Art Project.jpg රදර්ෆර්ඩ් බී. හේස්
(1822–1893)
[65][66][67]
මාර්තු 4, 1877 මාර්තු 4, 1881 රිපබ්ලිකන් 23 (1876) විලියම් ඒ. වීලර්
20 James Garfield portrait.jpg ජේම්ස් ඒ. ගාෆීල්ඩ්
(1831–1881)
[68][69][70]
මාර්තු 4, 1881 සැප්තැම්බර් 19, 1881
[n 7]
රිපබ්ලිකන් 24 (1880) චෙස්ටර් ඒ. ආතර්
21 Chester A Arthur by Daniel Huntington crop.jpeg චෙස්ටර් ඒ. ආතර්
(1829–1886)
[71][72][73]
සැප්තැම්බර් 19, 1881 මාර්තු 4, 1885 රිපබ්ලිකන් ‘‘පුරප්පාඩු’’[n 3]
22 Grover Cleveland portrait2.jpg ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්
(1837–1908)
[74][75]
මාර්තු 4, 1885 මාර්තු 4, 1889 ඩිමොක්‍රටික් 25 (1884) තොමස් ඒ. හෙන්ඩ්‍රික්ස්[n 2]
මාර්තු 4, 1885 – නොවැම්බර් 25, 1885
‘‘පුරප්පාඩු’’[n 3]
නොවැම්බර් 25, 1885 – මාර්තු 4, 1889
23 Benjamin Harrison by Eastman Johnson (1895).jpg බෙන්ජමින් හැරිසන්
(1833–1901)
[76][77][78]
මාර්තු 4, 1889 මාර්තු 4, 1893 රිපබ්ලිකන් 26 (1888) ලීවයි පී. මෝර්ටන්
24 Grover Cleveland portrait2.jpg ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්
(1837–1908)
[74][75]
මාර්තු 4, 1893 මාර්තු 4, 1897 ඩිමොක්‍රටික් 27 (1892) ඇඩ්ලයි ස්ටීවන්සන් I
25 Official White House portrait of William McKinley.jpg විලියම් මැක්කින්ලි
(1843–1901)
[79][80][81]
මාර්තු 4, 1897 සැප්තැම්බර් 14, 1901
[n 7]
රිපබ්ලිකන් 28 (1896) ගැරට් හොබාර්ට්[n 2]
මාර්තු 4, 1897 – නොවැම්බර් 21, 1899
‘‘පුරප්පාඩු’’[n 3]
නොවැම්බර් 21, 1899 – මාර්තු 4, 1901
29 (1900) තියඩෝර් රෝසවෙල්
26 TRSargent.jpg තියඩෝර් රෝසවෙල්
(1858–1919)
[82][83][84]
සැප්තැම්බර් 14, 1901 මාර්තු 4, 1909 රිපබ්ලිකන් ‘‘පුරප්පාඩු’’[n 3]
30 (1904) චාල්ස් ඩබ්. ෆෙයර්බෑන්ක්ස්
27 Anders Zorn - Portrait of William Howard Taft (1911).jpg විලියම් හවර්ඩ් ටෑෆ්ට්
(1857–1930)
[85][86][87]
මාර්තු 4, 1909 මාර්තු 4, 1913 රිපබ්ලිකන් 31 (1908) ජේම්ස් එස්. ෂර්මන්[n 2]
මාර්තු 4, 1909 – ඔක්තොම්බර් 30, 1912
‘‘පුරප්පාඩු’’[n 3]
ඔක්තොම්බර් 30, 1912 – මාර්තු 4, 1913
28 Ww28.jpg වුඩ්රෝ විල්සන්
(1856–1924)
[88][89][90]
මාර්තු 4, 1913 මාර්තු 4, 1921 ඩිමොක්‍රටික් 32 (1912) තොමස් ආර්. මාර්ෂල්
33 (1916)
29 Wh29.gif වොරන් ජී. හාඩිං
(1865–1923)
[91][92][93]
මාර්තු 4, 1921 අගෝස්තු 2, 1923
[n 2]
රිපබ්ලිකන් 34 (1920) කැල්වින් කූලිජ්
30 Calvin Coolidge.jpg කැල්වින් කූලිජ්
(1872–1933)
[94][95][96]
අගෝස්තු 2, 1923 මාර්තු 4, 1929 රිපබ්ලිකන් ‘‘පුරප්පාඩු’’[n 3]
35 (1924) චාල්ස් ජී. ඩෝස්
31 Herbert Clark Hoover by Greene, 1956.jpg හර්බට් හූවර්
(1874–1964)
[97][98][99]
මාර්තු 4, 1929 මාර්තු 4, 1933 රිපබ්ලිකන් 36 (1928) චාල්ස් කර්ටිස්
32 Franklin Roosevelt - Presidential portrait.jpg ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්
(1882–1945)
[100][101][102]
මාර්තු 4, 1933 අප්‍රේල් 12, 1945
[n 2]
ඩිමොක්‍රටික් 37 (1932)
[n 10]
ජෝන් නැන්ස් ගානර්
38 (1936)
39 (1940) හෙන්රි ඒ. වොලස්
40 (1944) හැරී එස්. ටෲමන්
33 HarryTruman.jpg හැරී එස්. ටෲමන්
(1884–1972)
[103][104][105]
අප්‍රේල් 12, 1945 ජනවාරි 20, 1953 ඩිමොක්‍රටික් ‘‘පුරප්පාඩු’’[n 3]
41 (1948) ඇල්බන් ඩබ්. බාර්ක්ලි 1949 - 1953
34 Dwight D. Eisenhower, official Presidential portrait.jpg ඩ්වයිට් ඩී. අයිසන්හවර්
(1890–1969)
[106][107][108]
ජනවාරි 20, 1953 ජනවාරි 20, 1961
[n 11]
රිපබ්ලිකන් 42 (1952) රිචඩ් නික්සන්
43 (1956)
35 John F Kennedy Official Portrait.jpg ජෝන් එෆ්. කෙනඩි
(1917–1963)
[109][110][111]
ජනවාරි 20, 1961 නොවැම්බර් 22, 1963
[n 7]
ඩිමොක්‍රටික් 44 (1960) ලින්ඩන් බී. ජොන්සන්
36 100px ලින්ඩන් බී. ජොන්සන්
(1908–1973)
[112][113]
නොවැම්බර් 22, 1963 ජනවාරි 20, 1969 ඩිමොක්‍රටික් ‘‘පුරප්පාඩු’’[n 3]
45 (1964) හියුබට් හම්ප්‍රි
ජනවාරි 20, 1965 – ජනවාරි 20, 1969
37 Richard Nixon - Presidential portrait.jpg රිචඩ් නික්සන්
(1913–1994)
[114][115][116]
ජනවාරි 20, 1969 අගෝස්තු 9, 1974
[n 4]
රිපබ්ලිකන් 46 (1968) ස්පිරෝ ඇග්නිව්[n 4]
ජනවාරි 20, 1969 – ඔක්තොම්බර් 10, 1973
47 (1972)
‘‘පුරප්පාඩු’’[n 3]
ඔක්තොම්බර් 10, 1973 – දෙසැම්බර් 6, 1973
ජෙරල්ඩ් ෆෝඩ්
දෙසැම්බර් 6, 1973 – අගෝස්තු 9, 1974
38 ජෙරල්ඩ් ෆෝඩ්
(1913–2006)
[117][118][119]
අගෝස්තු 9, 1974 ජනවාරි 20, 1977 රිපබ්ලිකන් ‘‘පුරප්පාඩු’’[n 3]
අගෝස්තු 9, 1974 – දෙසැම්බර් 19, 1974
නෙල්සන් රොකෆෙලර්
දෙසැම්බර් 19, 1974 – ජනවාරි 20, 1977
39 James E. Carter - portrait.jpg ජීමී කාටර්
(1924– )
[120][121][122]
ජනවාරි 20, 1977 ජනවාරි 20, 1981 ඩිමොක්‍රටික් 48 (1976) වෝල්ටර් මොන්ඩේල්
40 රොනල්ඩ් රේගන්
(1911–2004)
[123][124][125]
ජනවාරි 20, 1981 ජනවාරි 20, 1989 රිපබ්ලිකන් 49 (1980) ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
50 (1984)
41 ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
(1924– )
[126][127][128]
ජනවාරි 20, 1989 ජනවාරි 20, 1993 රිපබ්ලිකන් 51 (1988) ඩැන් ක්වොයේල්
42 බිල් ක්ලින්ටන්
(1946– )
[129][130][131]
ජනවාරි 20, 1993 ජනවාරි 20, 2001 ඩිමොක්‍රටික් 52 (1992) ඇල් ගෝර්
53 (1996)
43 100px ජෝර්ජ් ඩබ්. බුෂ්
(1946– )
[132][133][134]
ජනවාරි 20, 2001 ජනවාරි 20, 2009 රිපබ්ලිකන් 54 (2000) ඩික් චේනි
55 (2004)
44 Official portrait of Barack Obama.jpg බැරක් ඔබාමා
(1961– )
[135][136][137]
ජනවාරි 20, 2009 ජනවාරි 20,2017 ඩිමොක්‍රටික් 56 (2008) ජෝ බයිඩන්
45

ඩොනල්ඩ්    ජනවාරි 20,  වත්මන් ධූරී    රිපබ්ලිකන්                  මයික් පෙන්ස්

ට්‍රම්ප්             2017


   

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Pages