කරාතේ (Karate) ,කුන්ෆු (Kung Fu) ඉගෙන ගැනීමට pdf පොත් පෙළක් - විස්මලන්තය

Friday, February 8, 2019

කරාතේ (Karate) ,කුන්ෆු (Kung Fu) ඉගෙන ගැනීමට pdf පොත් පෙළක්


මුලින් ම මේ සටන් කලාවන් ඉගෙන ගන්නට කලින් ඒවා  පිළිබද අවබෝධයක් ලබා ගැනිිමට පහත විස්තරය කියවන්න.

 කරාතේ (Karate)

  ජපානයේ නිරිතදිග දෙස"රියුකියු"දූපත් නම් මාලයක් වැනි දූපත් පෙළ සටන් කලාවන්හි පුදබිමකි.මෙහි පිහිටි ඔකිනාවා නම් දූපත කරාතේ ශිල්පයේ මුල්බිම විය. ඔකිනාවා දුරාතීතයේදී චීනයට අයත්ව තිබූ දුපතෙහි චීන වෙළඳුන් සංක්‍රමණිකයන් නාව්කයන් වෙතින් එම චීන කලා ආභාෂය නිරතුරු ඹකිනාවා වැසියන්ට ලැබුණි.මේ අතර එකළ ඔකිනාවා වැසියන් අතර තිබුණු"තේ"සහ"ජූත්සු" සටන් ක්‍රම මෙම චීන සටන් කලාවත් සමඟ මිශ්‍රවී විශිෂ්ඨ ශිල්පයකට පදනම දැමීය.එය"චීන අත"යන අරුත ඇතිව "තෝ දේ" ලෙස හැඳින්විණි.1733 වසරේ ඔකිනාවා හි ෂූරි ප්‍රදේශයෙහි උපත ලද සකුගාවා කන්ගා, පෙයිඩීන් තකහාරා නම් සමුරායිවරයා වෙතින් සටන් කලා ඉගෙනුම අරඹා චීන ජාතික "කුසත්කු"නම් සටන් විශාරදයා වෙතින් විශිෂ්ඪත්වයට පත්වී එකළ"තෝ දේ"ලෙස හැඳින්වූ කරාතේ ශිල්පයට මූලික අඩිතාලම දැමුවේය. මෙතුමා තකහාරා ගුරුතුමා විසින් මරණ මංචකයේදී තෝ දේ සකුගාවා ලෙස නම්කළේය.

කරාතේ හෙවත් හිස්අත් සටන් ක්‍රමයේ පියා ලෙස තෝ දේ සකුගාවා විරුදාවලි ලබයි.මෙතුමාගේ ප්‍රධාන සිසුවා වන සොකොන් මත්සුමුරා නම් විශිෂ්ඨ ශිල්පියා සකුගාවා තුමාගේ සටන් සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත් කර ෂූරි සම්ප්‍රදාය ශක්තිමත් කළේය. 1851 උපත ලද කන්රියෝ හිගාෂි ඔන්නා නම් ශිල්පියා චීන සටන් ක්‍රමවල ආභාෂය මත මෟදු චලන සහ ශ්වසන අභ්‍යාස සහිතව නහා ප්‍රදේශය ආශ්‍රිතව"නහා"සම්ප්‍රදාය ගොඩනැගුවේය.1888 උපත ලද චෝජුන් මියාගි මෙතුමාගේ ප්‍රධාන සිසුවා විය.මියාගිතුමා"රළු හා මෳදු බවේ මග"ලෙස හඳුන්වන"ගෝජු-රියු"ශෛලියෙහි නිර්මාතෳවරයායි.කොකසු මත්සුමුරා නම් ශිල්පියා තොමරි ප්‍රදේශය ආශ්‍රිතව බිහි වූ"තොමරි තේ" සම්ප්‍රදායේ ආරම්භකයා විය.මෙකළ තෝ දේ හෙවත් කරාතේ සටන් කලාව ෂූරි හා තොමරි ප්‍රදේශයන්ට අනුව බෙදී තිබුණි. ෂූරිතේ සහ තොමරි තේ සම්ප්‍රදායන් එක්වී සොකොන් මන්සුමුරා දැමූ පදනම මත ෂෝරින් රියු ශෛලිය බිහිවුණි."පයින් වනාන්තර ශෛලිය"යන අරුත දෙන ෂෝරින් රියු ලොව පුරාම කරාතේ ශෛලිය විය.ඒ අනුව ලොව ප්‍රථම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ශෛලිය වඩා වැදගත්කමක් උසුලයි. කරාතේ ක්‍රීඩාවක් වශයෙන් අද ලෝකයේ බෙහෙවින් ජනප්‍රියවී ඇත.කවර ශෛලියකට,සම්ප්‍රදායකට අයත්වුවද මෙහි මූලය එකම මූලයකී.කරාතේ දිවයන්නේ අරමුණක් ඔස්සේය. එය ලෞකික නොවූ අධ්‍යාත්මික වූවකි.

කුන්ෆු (Kung Fu) 

 චීනයේ නිර්මාණය වුනු සුපිරි නිර්මාණ අතරින් උඩින්ම තියෙන එකක් තමයි කුං ෆු කියන්නෙ. ඒක සටන් කලාවක් වගේම ක්‍රීඩාවක්. එ් වගේම තමයි කුං ෆු ලෝකයේ පැරණිතම සටන් කලා අතරින් එකක්. ක්‍රි. පූ. 2600කට එහා ඉතිහාසයක් කුං ෆු වලට තියෙනව. හැබැයි කවුරුත් දන්න කියන ෂැවොලින් හාමුදුරුවරු කුං ෆු වලට එන්නෙ ඔය කියන අවධියෙ. බිහිසුණු නොවන, ඒත් අතිශය සුන්දර වන ‘මික්ස් මාර්ශල් ආර්ට්’ ගණයට වැටෙන කුං ෆු වල තියෙන විශේෂත්වය තමයි අනිත් බොහෝමයක් සටන් ක්‍රම වලට වඩා, මනස එක්ක ගණුදෙනු කරන එක.

Wing Chun සටන් කලාව

 මේකත් චීන නිර්මාණයක්. වින්ග් චන් වල තියෙන විශේෂත්වය තමයි වේගය. අධික වේගයකින් පහර එල්ල කරන්න වගේම එක පහරක් වලක්වන ගමන් අනිත් පහර එල්ල කරන්න, එතකොට ඒ පහර සතුරාගෙ දුර්වල තැනකට එකවර ඉලක්ක කරන්න, තමන්ගෙ ඇඟේ තියන මුලු බලයට ආසන්න බලයකින් පහර එල්ල කරන්න වගේ වැඩ කිඩ තොගයක් මේ සටන් කලාවෙ තියෙනව. ඒ හැරුනාම, වින්ග් චන් මිටි පුද්ගලයින්ට සෑහෙන්න වටින සටන් කලාවක් විදියටත් හඳුන්වා දීලා තියෙනව.

පහලින් සටන් කලාවන් ඉගෙනිිමේ පොත් download කර ගන්න. පොත් ඇත්තේ rar file එකක් තුල ය.extract කර පොත් ලබා ගන්න.

 පොත් පෙ

කරාතේ (Karate) පොත් 20 - (146MB)

https://drive.google.com/open?id=1C-olejW7ftclNFMwnk6kB5NTn0U2c4qO

කුන්ෆු (Kung Fu) පොත් 14 - (27.5MB)

https://drive.google.com/open?id=1PF0csy6YiLPcvU9TCJAu_PTtnLih4RvL

 Wing Chun පොත් 8 - (91.9MB)


https://drive.google.com/open?id=1GZlwVoWYgAOruvWEnw3b6icblmmE2tzf

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Pages