
දොං යි (හංගුල්: 동이; හන්ජා: 同伊) යනු 2010 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යයකි.. එහි ප්‍රධාන චරිත නිරූපණය හන් හ්යෝ-ජූ, ජි ජින්-හී, ලී සො-යොන් සහ බේ සු-බින් විසින් සිදුකරන ලදී. ජෝසුන් රාජවංශයේ සුක්ජොං රජු සහ චෝයි සුක්-බින් හෙවත් හෙවත් දොංයී බිසවගේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් නිර්මාණය වූ මෙය MBC ආයතනය විසින් 2010 වර්ෂයේ මාර්තු 22 දින සිට ඔක්තෝබර් 12වන දින දක්වා විකාශය කරන ලදී. එහිදී එය කථාංග 60ක් පුරාවට සදුදා සහ අගහරුවාදා දිනවල 21:55ට විකාශය විය.
එරට- 20% සිට 30% අතර ප්‍රමාණයෙන් ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත්තේ ය. මෙහිදී සිය රංගන දක්ෂතාවය උදෙසා හන් සම්මාන දිනා ගත්තා ය.. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් අතුල රන්සිරිලාල්ගේ අධ්‍යක්ෂණය යටතේ සිංහලෙන් හඩකවා “අභීත දියණිය” යන නාමය යටතේ 2013 පෙබරවාරි 12වන දින සිට ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ මෙම නාට්‍යය විකාශය කරන ලදී.
සේරම කොටස් තියේද
ReplyDelete11 idan nane
ReplyDeleteGood
ReplyDeleteOkkoma nane
ReplyDelete